Friday, March 29, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට හදිසි තත්ත්වයක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිරිත දිග ප‍්‍රදේශය තුළ තවදුරටත් ලැව් ගිනි පැතිර යමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මෙම ආපදාව හේතුවෙන් එම ප‍්‍රදේශයට හදිසි තත්ත්වයක්ද ප‍්‍රකාශයට පත් කර ඇති බවයි. 

හෙක්ටයාර 2,500ක පමණ භූමි ප‍්‍රදේශයක් පුරා ලැව් ගිනි පැතිර යමින් ඇතැයි සිඩ්නි බලධාරීන් පැවසුවා. මෙම ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන සේවා මහත් පරිශ‍්‍රමයක් දරන බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ. එහෙත් පවතින තද සුළං හේතුවෙන් ලැව් ගිනි තත්ත්වය මැඩපැවැත්වීම අසීරු තිබෙනවා. කෙසේවෙතත් මෙම ආපදා තත්ත්වයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් තහවුරු කර නැහැ.