Friday, March 29, 2024

General line - 0115112241

සිරියාව ගැන පුටින් ගෙන් අනාවැකියක් : ඉදිරියේදී සිදුවන පෙරළියක් ගැනත් හෙළිකරයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉදිරියේදී සිරියාවට තවත් බටහිර බලවතුන්ගේ ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (16) අනතුරු අඟවනු ලැබුවා. මෙම තත්ත්වය ලෝක සබඳතා වෙත ව්‍යාකුලත්වයක් ගෙන එනු ඇති බවත් එමගින් වසර ගණනාවක් යන තුරු ඉදිරි අනාගතයේදී මොස්කව් හා වොෂින්ටනය අතර ඇතිවිය හැකි අර්බුධකාරී තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය බව ඔහු කියා සිටියා. 

සිරියාවේ සිදුවූ බව කියන විෂ රසායනික ප්‍රහාරයකට පිළිතුරැ වශයෙන් ඉකුත් සෙනසුරාදා අමෙරිකාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය විසින්  එල්ල කල මිසයිල ප්‍රහාරයන් ගැන ඉරාන විදේශ ඇමති හසාන් රෝහානි සමග රුසියානු ජනාධිපතිවරයා සිදුකල දුරකථන සංවාදයකදී ඔහු මේ බව සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ. 

බටහිර බලවේග වල අතපෙවීම නිසා සිරියාවට සාමය උදාකරලීමට තිබු මාර්ගය මේ සමග විනාශ කර ඇති බව රුසියානු ජනාධිපතිවරයා සහ ඉරාන විදේශ ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙන බව රුසියාවෙන් ලැබෙන මාධ්‍ය වාර්තා වල සඳහන් වෙනවා. පසුගිය වසර 07 පුරා සිරියාවේ පවතින ගැටුම් වලින් පුද්ගලයින් ලක්ෂ පහක් පමණ මියගොස් ඇති බව සඳහන්.

විශේෂයෙන්ම ව්ලැඩිමීර් පුටින් අවධාරනය කලේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් සිදු කරන ලද එවැනි ක්‍රියාවන් දිගටම පවතින්නේ නම් එය අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර  සම්බන්ධතා අස්ථාවර වීමට තුඩු දෙනු ඇති බවයි.