Saturday, April 20, 2024

General line - 0115112241

දින ගණනාවක් සමූහ දූෂණයට ලක්ව අවසානයේ වධ විඳ ඝාතනය වූ කුඩා දැරිය ඉන්දියාව කළඹයි (VIDEO)

සුපෙම් මානගේ




අට හැවිරිදි දැරිවියක් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය මේ වන විට ලොව පුරා අවධානය ගෙන තිබෙනවා.

ඇගේ සිරුර දින කිහිපයකට පසු හමුවුණේ, කතුවා නගරය අසල කෑලෑවක තිබියදී. කාශ්මීරයේ හිමාලය ප්‍රදේශයේ එඩේර පවුලක හැදී වැඩුණු 8 හැවිරිදි පුංචි අසීෆා අතුරුදන් වුණේ පසුගිය ජනවාරි මාසයේදීයි.

ඇගේ ඝාතනය වැඩි කතා බහට ලක්වන පුවතක් බවට පත්වුණේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට එරෙහිව දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් විරෝධය පල කිරීමත් සමගයි.

අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්, පොලිස් නිලධාරීන් හතර දෙනෙක් සහ බාලවයස්කරුවෙකු ද සිටින බව ඉන්දීය වාර්තාවල සඳහන්.

ඉන්දීය පුවත් වාර්තාවල දැක්වෙන්නේ, පුංචි අසීෆා දින ගණනාවක් දූෂණ කර, වධ දී අවසානයේ මරා දමා ඇති බවයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සෙල්ෆි වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හරිමින් ජනතාවගෙන් විමසන්නේ තමන්ගේ පවුලේ අයෙකුට මෙවන් ඉරණමක් අත් වුවහොත් නිශ්ශබ්දව බලා සිටිනවා ද යන්නයි. මෙවන් සමාජයක ජීවත් වීම ලැජ්ජාවක් බව ද ඔහු එම වීඩියෝවේදී කියා සිටිනවා.