Saturday, April 20, 2024

General line - 0115112241

අයිස්ලන්තය බලා යමින් සිටියදී මුහුද මැද විපතට පත් රුවල් නැව බේරාගත් මෙහෙයුම (PHOTOS)

ටී.කේ.ජී කපිල




අයිස්ලන්තය බලා ගමන් කරමින් තිබූ ප්‍රංශයට අයත් රුවල් නෞකාවක් මහ මුහුද මැද විපතට පත්ව තිබියදී, එම නාවිකයන් සහ නෞකාව ආරක්ෂිතව බේරා ගෙන යළි ගාල්ල වරාය වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

ත්‍රිකුණාමලයේ සිට මෙම රුවල් නෞකාව ගමන් ආරම්භ කර තිබුණා. 

සැන්ඩිටී (Sandetie) නැමති මෙම රුවල් නෞකාව ගාල්ල ප්‍රදීපාගාරයට නාවුක සැතපුම් 72 ක් දුරින් ගමන් කරද්දී, එහි ඇංජිමේ හට ගත් කාර්මික දෝෂයක් නිසා මෙසේ විපතට පත් වී තිබුණා.

එහි ප්‍රංශ ජාතික නාවිකයන් සිව් දෙනෙකු සිට ඇති අතර මෙම පුවත සැලවීමත් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකාවක් වන සයුර නෞකාව එම ස්ථානයට ගොස් එම නාවිකයන් සහ රුවල් නැව ආරක්ෂිතව බේරා ගෙන ගාල්ල වරාය සමීපයේ පිහිටි මෙම නෞකාවට සේවා සපයන පෞද්ගලික නාවික ආයතනයක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා.