Thursday, April 25, 2024

General line - 0115112241

මන්ත්‍රී මහින්දානන්දට ඇප (UPDATE)

හර්ෂිකා සංජීවනී




ඇප කොන්දේසි සපූරාලීම හේතුවෙන් ඊයේ (16) දින රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ අද (17) ඇප මත මුදා හැර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඊයේ (16) ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ දී FCID ය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැරීමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. නමුත් එහිදී ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් මන්ත්‍රීවරයා අද (17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

-----------------

හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ රිමාන්ඩ් (16-04-2018 16:36)

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම  හේතුවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොළඹ කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය විසින්. කෙසේ වෙතත් අද (16) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  වෙත පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුට ඇප ලබාදී තිබුණා.

-----------------

FCIDය අත්අඩංගුවට ගත් හිටපු ඇමතිවරයාට ඇප (16-04-2018 15:20)

අද (16) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  වෙත පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුට ඇප ලබාදී තිබෙනවා. 

-----------------

උදෙන්ම FCID ආපු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගනී (16-04-2018 12:20)

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  වෙත පැමිණ සිටියා.

-------------------------------

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරයෙක් අද උදෙන්ම FCID කැඳවයි

(16-04-2018 11:08)

 

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන ගණනක වංචාවක් සිදුවී ඇති බවටයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.