Thursday, March 28, 2024

General line - 0115112241

අවුරුදු සමයේ කලකෝලාහල වැඩි වෙලා




මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදී කළකෝලාහල නිසා සිදු වූ අනතුරු සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්‍ෂව 100%කින් ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පෙන්වා දෙනවා. 

මාර්ග අනතුරුවලින් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 20% කින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ වැඩි දුරටත් පෙන්වා දුන්නේ,

"පසුගිය දින දෙක ඇතුළත ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත රෝගීන් 379 දෙනෙක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණියා…එයින් 170 ක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගෙන තියනවා.. මෙම සංඛ්‍යාව පසුගිය වසර හා සංසන්දනය කළහොත් එහෙම යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා… කැපී පෙනෙන දෙයක් තමයි මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාව 20%කින් විතර ඉහළ ගිහින්. රෝගීන් 121 දෙනෙක් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කරගෙන තියනවා. පසුගිය වසරට සාපේක්ෂව නිවස තුළ සිදුවන අනතුරු සංඛ්‍යාව පහළ ගිහින් තියනවා.. නමුත් වැටීම් නිසා සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තියනවා.. ගිය වසරට වඩා 30% ඉහළ යාමක් පෙන්නුම් කරනවා වැටීම් …ඒ අනුව රෝගීන් 112 දෙනෙක් අපි හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කරගෙන තියනවා..වැදගත් කාරණයක් ලෙස කියන්න පුළුවන් වෙනවා.. කළකෝලහාල නිසා ඇතිවෙලා තියන තත්වයන් පසුගිය වසරට සාපේක්ෂව 100% ඉහළ යාමක් පෙන්නුම් කරනවා..56 දෙනෙක් විවිධ කලකෝලාහාලවලට මැදි වෙලා තුවාල ලබා රෝහල වෙත ඇතුළත් වෙලා තිබෙනවා."