Friday, March 29, 2024

General line - 0115112241

TNA බලය ගිලිහේ

මාධව කුලසූරිය




වවුනියාව නගර සභාවේ බලය මෙවර දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහි ගොස් තිබෙනවා.

දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂය විසින් එහි බලය හිමි කරගෙන ඇති බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

වවුනියාව නගර සභා පළමු සභා වාරය අද (16) පැවැත්වු අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ බලය මෙලෙස ගිලිහී ගොස් තිබුණා.

දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වු රාසලිංගම් ගෞතම් නැමැත්තා වෙනුවෙන් ජන්ද 11 ක් හිමිවු අතර, දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ අපේක්ෂකයා වෙනුවෙන් ජන්ද 09 ක් හිමිවුණා. එක් සාමාජිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටියා.

දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඊ.පි.ඩි.පි පක්ෂය ඒකාබද්ධව දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂයේ නියෝජිතයා වෙනුවෙන් සහයෝගය පළ කළ අතර, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් වෙනත් කිසිදු පක්ෂයක සහයෝගය හිමි වී නැහැ.

පසුගිය සෑම වරකම දෙමළ ජාතික සන්ධානය වවුනියාව නගර සභාවේ බලය හිමිකරගත් අතර, මෙවර ඡන්දයෙන් තනි පක්ෂයක් ලෙස වැඩි බලයක් දෙමළ ජාතික සන්ධානය වෙත හිමිවුවද අනෙකුත් පක්ෂ සියල්ල එක්වීම හමුවේ දෙමළ ජාතික සන්ධානය වෙත නගර සභාවේ නගරාධිපති තනතුර අහිමි වි ගොස් තිබුණා.

උතුරු පළාත් පාලන කොමසාරිස් පැට්රිික් ඩිරන්ජන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පළාත් සභා පළමු සභා වාරය පැවැත්වුණා. නගර සභාවේ පළමු සභාවාරය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන්, දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන්, වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.කේ.මස්තාන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.