Wednesday, April 24, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අදත් වැසි

සමන්ත කුමාර




බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත් වලට අද (16) පස්වරුවේ සහ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළ බඩ ප්‍රදේශවලට හෙට (17) උදෑසන කාලයේදී ද  වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.