Thursday, April 25, 2024

General line - 0115112241

ලන්ඩනයේදී ජනපති චාරිත්‍ර ඉටුකල හැටි (PHOTOS)

සමන්ත කුමාර




පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක් වුණා. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් විසින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගල්වා ආශිර්වාද පල කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා ද නුවරඑළිය මාගස්තොට ශ්‍රි සේනානන්දාරාම විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකළා.

මේ අතර සිංහල හා දෙමළ අළුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය  යෙදී තිබුනේ අද (16) පෙරවරු 10යි 16ටයි. අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වුණා. ඒ, කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.  උදාවූ අලූත් අවුරුද්දේ සියලූ දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්තනා කරමින්  නෙත් එෆ් එම් රේඩියෝව හිස තෙල් ගෑමේ චාරිත්‍රය මෙවර ඉටුකළේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිටයි.