Saturday, April 20, 2024

General line - 0115112241

පැය 24කදී බීමත් රියදුරන් තුන්සිය අසු දෙදෙනෙක් අත්අඩංගුවට




ගතවූ පැය 24 තුල බීමත් රියදුරන් 382නෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. අද (16) පස්වරු 6න් අවසන් වූ පැය 24තුළ අපරික්ෂාකාරී සහ අනතුරුදායක ලෙස රියපැදවීමේ චෝදනා මත 66 දෙනෙකුට නඩු පවරා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

එම කාලසීමාව තුළ අධික වේගයෙන් රිය ධාවනය කළ රියදුරන් 347 දෙනෙකුට එරෙහිව නීතිය  ක්‍රියාත්මක කර ඇති බවද  පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්.