Friday, March 29, 2024

General line - 0115112241

සවුදියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට චෝදනාවක්

ටී කේ ජී කපිල - කටුනායක




දෑස් අන්ධ වූ 58 හැවිරිදි ගෘහ සේවිකාවක් උඩ ඇඳුමක් පමණක් අන්දවා සව්දි අරාබියේ සිට මෙරටට එවා තිබෙනවා. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්ය්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කුරුණෑගල පිලැස්ස මඩව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් මෙලෙස යලි ශ්‍රි ලංකාවට එවා ඇති බවයි.

වසර 18ක් සවුදි අරාබියේ ගෘහ සේවයේ යෙදුණු එම කාන්තාව උපයාගත් කිසිදු මුදලක් හෝ දේපලක් නොමැතිව සවුදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සිට මෙරටට එවා තිබෙනවා. එහිදී ඇයට අබායා නැමැති උඩුකය ඇඳුමක් පමණකක් අන්දවා මෙරටට එවීමට සවුදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ අතර වසර 40ක් කුවේටයේ ගෘහ සේවයේ යෙදුණු 72හැවිරිදි වයෝවෘර්ධ කාන්තාවක් කුවෙට් බලධාරීන් විසින් මෙරටට එවා තිඛෙනවා. කිසිදු මුදලක් හෝ දේපලක් මෙන්ම භාරකරුවෙකු නොමැතිවීම හේතුවෙන් එම කාන්තාව කටුණායක පිහිටි සහන පියස රැදව්ම් මධ්‍යස්ථානයේ රැදවීමට ශ්‍රි ලංකා විදේශසේවා නියුක්ති කාර්ය්‍යංශය කටයුතු කර තිඛෙනවා. එම කාන්තාව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. කුවෙට් යුධ සමයේදී පවා එරට ගෘහ සේවයේ නිරත වූ එම කාන්තාවට කුවේට් යුධ වන්දි මුදල් හෝ වැටුප් ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර නැහැ.