Wednesday, July 18, 2018
Hotline - 0770586666

අලුත් අවුරුදු චීනයටත්

1105Views

 

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් විශේෂ වැඩසටහන් රැසක්, චීනයේ,ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.. සාම්ප්‍රදායික ක්‍රීඩා රැසකින් මෙම වැඩසටහන වර්ණවත් වු බව සඳහන්. නව අවුරුදු උදාවේ දී සිදුකරන සියලු චාරිත්‍ර සිදුකරමින් ආරම්භ කළ මෙම උත්සවය චීනයේ , ශ්‍රීලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබුවා. එහි ප්‍රධානියා ලෙස චීනයේ ශ්‍රීලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු එක්ව සිටියා.

චීනයේ රැකියාවේ නිරත , අධ්‍යාපන කටයුතු වල නිරත මෙන්ම විවිධ වැඩසටහන් සඳහා චීනයට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් 500 කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට එක්ව තිබෙනවා.

අවුරුදු තරග සඳහා චීන ජාතිකයින් මෙන්ම තවත් විවිධ රටවලින් පැමිණි පිරිස් ද සහභාගී වීම විශේෂත්වයක්. මෙම අවුරුදු උත්සවයේ ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වුයේ චීනයේ විවිධ ආයතනවලින් බවද වාර්තා වනවා. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ, චීනයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා “චයිනා ශ්‍රීලංකා යූත්,, නැමැති චීනයේ වෙසෙන ශ්‍රීලාංකිකයින්ගෙන් සැදුම්ලත් සංගමය එක්වයි.