Tuesday, April 23, 2024

General line - 0115112241

කමිටුවලින් කරන්න බැරි දේ ගැන මන්ත්‍රී බන්දුල පෙන්වාදෙයි

සමන්ත කුමාර




ආණ්ඩුව අභ්‍යන්තරයේ හටගෙන ඇති ගැටළුවලට හෝ රට මුහුණනපා ඇති අර්බුද වලට කමිටු පත් කිරීමෙන් විසදුම් ලබාදිය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ජාතික ආණ්ඩුව තුළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලසීමාවේදී කටයුතු කළ යුතු ආකාරය සහ ඒ පිළිබඳ ගිවිසුමකට එලඹීම සඳහා වාර්තාවක් සකස් කිරීමට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත්කෙරුණා.

එවැනි කමිටු මගින් පවතින ගැටළුවලට විසදුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ.

දුෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව පාර්ශවයෙන් සිදුකෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන අදහස් පළ කළා.  

ඔහු කියා සිටියේ අදාළ කාරණාව සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා අමාත්‍ය රාජිත සේනාරත්න බවයි. එම කාරණාව සම්බන්ධයෙන් රජයේ කැබිනට් ප්‍රකාශකවරයා වශයෙන් ඔහු නිරන්තරයෙන් පිළිතුරු ලබාදුන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.