Friday, April 19, 2024

General line - 0115112241

නියඟයෙන් උතුරේ පවුල් ලක්ෂයකට පීඩා

දිනසේන රතුගමගේ - වවුනියාව




මේ දිනවල දිවයිනේ උතරු ප්‍රදේශයට බලපා ඇති නියඟයෙන් පවුල් ලක්ෂයක් පීඩාවට පත්ව සිටිනවා. ඒ අතරින් වැඩිම පවුල් සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේයි. එම දිස්ත්‍රික්කයේ පවුල් 29,838ක් පීඩාවට පත්ව ඇති බවයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මුලතිව් දිස්ත්‍රික්කයේද පවුල් 13,566 ක් නිඟය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. දැනටමත් උතුරේ බොහෝ ප්‍රාදේශීය බල ප්‍රදේශවලට පානීය ජලය ලබාදීම ආරම්භ කර ඇතැත් සෙසු අවශ්‍යතා සඳහා ජලය සැපකයීමේ ක්‍රමයක් නොමැතිවීම හේතුවෙන් එම ජනතාව පීඩාවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.