Friday, March 29, 2024

General line - 0115112241

විදුලි හා ජල වෘත්තීය සමිති ගැටලු විසඳන්නැයි ඉල්ලයි

සමන්ත කුමාර




අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ලංකා ව්දුලි බල මණ්ඩල ඉන්ජිනේරු සංගමය සූදානම් වනවා. එහි සභාපති සෞම්‍ය කුමාරවඩු පැවසුවේ විදුලි බලශක්ති ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුදවලට බලධාරීන් විසදුම් ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ අද (17) පැවැත්වෙන කමිටු රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බවද ලංකා ව්දුලි බල මණ්ඩල ඉන්ජිනේරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයද වැටුප් ගැටලූවක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙනවා. එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ තමන්ගේ ගැටළුවලට යහපත් ප්‍රතිචාරයක් හිමි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.