Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් ඉල්ලා අස්වෙයි

කසුන් කැලුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රකින්නන් පුහුණු කිරීමේ පුහුණුකරු නික් පොතාස් සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබෙනවා. පසුගිය 13 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනයට යොමු කරමින් නික් පොතාස් සඳහන් කර සිටින්නේ තම දරු පවුල සමග ජිවත් වීමේ අභිලාෂයෙන් මෙම තීරණය අපහසුවෙන් හෝ ගැනීමට සිදුවූ බවයි. එමෙන්ම ඔහු තමන්ට අවස්ථාව ලබාදීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද සුභපතන බවද එහි සඳහන් කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ සෙසු පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයින්ටද නික් පොතාස් සිය ලිපියෙන් ස්තුතිය පළකර තිබෙනවා.