Friday, March 29, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ පැතිරෙන දරුණු වසංගත රෝගයක් ගැන අනතුරු අගවයි (PHOTOS/VIDEOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මධ්‍යම අප්‍රිකාවේ පැතිරී යන "බුරුලී" නැමැති මස් දියවීමේ රෝගයට සමාන අසාධානයක් ඕස්ට්‍රේලියාවේ ද පැතිරී යමින් තිබෙන බව එරට සෞඛය බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුල වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන අතර මෙය ඉදිරියේදී වසංගත තත්ත්වයක් දක්වා පැතිරී යාමේ අවධානමක් පවතින බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසා සිටින්නේ.

මුලින්ම කුඩා තුවාලයක් මෙන් හට ගන්නා මෙම රෝගය පසුව ක්‍රමක් ක්‍රමයෙන් පැතිර ගොස් එය " අල්සරයක්" (සම මතුපිට ඇතිවන තුවාලයක්) හට ගැනීම මෙම රෝග  ලක්ෂණයන් බවට වෛද්‍යවරුන් පවසයි.

මෙම ආසාධනය අවසානයේදී අස්ථි වලටද බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බවයි. සම මතුපිට "අල්සරයක් " ලෙසට පවතින මෙය අවසානයේ විශාල තුවාලයක් දක්වා වර්ධයන වී රෝගියා ගේ භාහිර පෙනුම පවා විකෘති වීමේ හැකියාවක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

" අපිට අවධානමක් තිබෙනවා මෙම තත්ත්වය ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත වලටත් පැතිරී යනු ඇති බවට. කෙසේ වුවත් මෙම රෝගයට හේතු සාධක කුමක්ද කියලා කියන්න අපි තාමත් දන්නේ නැහැ.  කොහොම උනත් ඉක්මනින්ම මේ පිළිබඳව සියලුම වෛද්‍යවරුන්ගේ සහ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු " යැයි එරට වෛද්‍ය පර්යේෂණ ආයතනය සදහන් කරනවා.

අප්‍රිකාවේ මෙම ආසාධන රෝගයට ගොදුරුවූ පුද්ගලයින් බහුතරයක් වගුරු බිම් හා ඒ ආශ්‍රිතව දිවිගෙවූ අය බවයි වාර්තා වන්නේ. කෙසේ වුවත් ඕස්ට්‍රේලියාවේ මෙම රෝගය පැතිරී ආකාරය නිරීක්ෂණය කල විට එය මදුරුවන්ගෙන් හා මියන් වැනි සතුන් හරහා පැතිරී යනවාද යන්න ගැන බලධාරින්ට යම් සැකයක් මතුවී තිබෙනවා.

මෙම රෝගයට ගොදුරු වන රෝගීන් හට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධයන් වලට යම් අවස්ථාවලදී ප්‍රතිරෝධකයන් දැක්වීම නිසා වෛද්‍යවරුන් අපහසුතාවයට ලක්ව තිබෙනවා. මෙම රෝගය සඳහා නිසි ප්‍රතිකාරයක් මෙතෙක් සොයා ගැනීමේ අපහසුවී ඇත්තේද මෙම හේතුව නිසා වෙන් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. 

ඉදිරියේ පැමිණෙන ග්‍රීෂ්ම කාලයත් සමග මෙම රෝගය පැතිරී යාමේ අවධානමක් පවතින නිසා එරට ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ඕස්ට්‍රේලියානු බලධාරීන් අනතුරු අඟවනවා.