Tuesday, April 16, 2024

General line - 0115112241

ටෙලි නිළියකට දිවි අහිමිකළ කැළණි ගඟ (UPDATE) (PHOTOS)

හැටන් - රංජිත් රාජපක්ෂ




කැළණි ගඟේ දිය නාමින් සිටියදී අද (17) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ තරුණිය ටෙලි නාට්‍යය සහය නිළියක් බව අනාවරණ වී තිබෙනවා. ඇගේ නම 
තුෂානි ද සිල්වා. මහනුවර ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක්. 

සිය පවුලේ සාමාජිකයින් සමග ගිනිගත්හේන ප‍්‍රදේශයේ සංචාරයකට පැමිණි අවස්ථාවේ ඇය මෙම අනතුරට මුහුණ පෑවා.  

 

............................................................................................................................................................................

කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට (17-04-2018 16:16)

කැළණි  ගඟේ දිය නාමින් සිටි තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකාරියක්. සිය පවුලේ සාමාජිකයින් සමග ගිනිගත්හේන ප‍්‍රදේශයේ සංචාරයකට පැමිණි ඇය යටිබේරිය ප‍්‍රදේශය හරහා ගලා යන කැළණී  ගඟේ දිය නෑමට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී සැඩ පහරකට හසුව අදාළ තරුණිය ගසා ගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

පසුව සිදුකළ මෙහෙයුමේදී දිය නාමින් සිටි ස්ථානයට මදක් දුරින්  තිබී ඇයගේ මළ සිරුර හමුවී තිබෙනවා. අදාළ ස්ථානයේ දිය නෑම අවධානම් බවට දැන්වීම් පුවරු සවිකර ඇති බවද පොලීසිය පැවසුවා.