Friday, April 19, 2024

General line - 0115112241

හෂීස් තොගයක් සමග නිදහස් මාධ්‍යවේදියකු රේගු අත් අඩංගුවට (PHOTOS)

ටි.කේ.ජි. කපිල




ක්‍රීඩා උපකරණයක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා මෙරට නිදහස් මාධ්‍යවේදියකු වෙත ස්පාඤ්ඤයේ සිට එවා තිබූ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගුවන් බඩු පාර්සල් අංශයේ දී අද (17)   රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සදහන් කර සිටිනවා.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතර  ඔහුට ස්පාඤ්ඤයේ සිටින මිතුරෙකු විසින් ත්‍යාගයක් ලෙස විදේශ රටවල මෙන්ම මෙරටද මහා මාර්ග වල වේගයෙන් ඇදී යන රෝද සහිත ක්‍රීඩා උපකරණයක් වන ස්කෙට්බෝර්ඩ් (Skateboard) එකක් ඒවා තිබෙනවා.

එලෙස එවන ලද එම ක්‍රීඩා උපකරණයේ මැද කොටස ඉතා සුක්ෂම ලෙස ගලවා ඉවත් කර එහි හෂිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 400 ක් එවා තිබු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් වන බවයි රේගු බලධාරින් පවසන්නේ.

දැනට සැකකරුගෙන් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.