Friday, March 29, 2024

General line - 0115112241

පාසල් මිතුරු මිතුරියන් සමග ගත් පැරණි ඡායාරූපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී කියන කතාව




ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාසල් සමයේ ගන්නා ලද ඡායාරූපයක් ෆේස් බුක්හි මේ දිනවල දක්නට ලැබෙනවා. මෙහි සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද යනුවෙන් සටහන්කර ෆේස්බුක් එකමුතුවක පලකර ඇති මෙම ඡායාරූපය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් අප විමසුවා.

" ඔය 1990දී, අපේ ඉස්කෝලේ, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ඉදිරිපිට අපි උසස් පෙළ විභාගයේ අවසන් දවසේ ගනිපු එකක්. රුවිනි කියල ඔය ඡායාරූපයේම ඉන්න මිතුරියක් ළඟ තිබුණු එකක් ඔය." යැයි ඔහු ඡායාරූපයේ  ඉතිහාසය සිහිකරමින් පැවසුවා.