Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රිකට්වලින් ලැබූ ලාභය මෙන්න




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී ක්‍රීඩා කළ අවසන් තරගාවලියේ තරග 04න් තුනක් පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල පවසනවා. එහෙත් මහජනතාව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඒ සම්බන්ධයෙන් ක්‍රීකට් ආයතනයට ඇඟිල්ල දිගු නොකළ බව ඔහු පෙන්වා දෙනවා. ඊට හේතුව වී ඇත්තේ තරග පැරදුණත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙල්ලම් කරන්නේ හොඳ ක්‍රිකට් බවයි ඔහු පෙන්වා දුන්නේ.

නව අවුරුදු උදාවෙන් පසු ඊයේ (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්ය මණ්ඩලය මුණ ගැසී එහි සභාපති තිලංග සුමතිපාල මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කළේ ලොව කිසිඳු ක්‍රිකට් පාලක මණ්ඩලයක් ප්‍රථම ස්ථානයේ හැමදාම සිට නොමැති බවයි. 

එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ,

"නිදහස් කුසලානයක් තිබුණේ නෑ..අපි නිදහස් කුසලානයක් හැදුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉලක්කයක් තිබුණා බිලියට 1.3ක ආදායමක් හොයන්න. ලංකා ඉතිහාසයේ එච්චර ලොකු ආදායමක් අපි ලබාගෙන තිබුණේ නෑ. අපි නිදහස් කුසලානයේ එක පන්දුවාරයක් විකුණුවේ ඩොලර් 27000කට. ඒ අනුව නිදහස් කුසලානයෙන් පමණක් ලක්ෂ 9000කට වඩා ශුද්ධ ලාභයක් ලැබුවා.. ඒ වගේම ඒක ලස්සන තරගාවලියක් වුණා. ලංකා ප්‍රිමියර් ලීග් එක මේ වසරේ පටන් ගන්නවා. ඒක වසර 03ක් යනකොට මූල්‍යමය වශයෙන් ලාභ ලබන්න පුළුවන් තත්ත්වයට ගේනවා."