Friday, March 29, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රි කණ්ඩායම අත්සන් කළ ලිපිය භාර දෙයි (UPDATE)

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කරමින් අත්සන් කරන ලද විශේෂ ලිපිය මේ වන විට භාර දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබර් රහුමාන් පත්කරන්නැයි අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට එම ලිපිය අත්සන් තැබුණා.

ඊට හේතු 05ක් ද ඇතුළත් කර තිබෙනවා. 

අදාළ ලිපිය පහතින් දැක්වෙයි.

 

--------------------------------

එජාප මන්ත්‍රි කණ්ඩායමක් ලිපියක් අත්සන් කරමින් සිටී

(19-04-2018 11:06)

 

එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීම සඳහා ලිපියක් අත්සන් තබමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබර් රහුමාන් පත්කරන්නැයි අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට එම ලිපිය අත්සන් තබන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

ඒ සදහා වූ ලිපියකට ඔවුන්  මේ වන විටත් අත්සන් තබමින් සිටින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ. 

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස මුජිබර් රහුමාන් මන්ත‍්‍රිවරයා පත් කිරීමට නිර්දේශ කරන හේතු 5 ක්ද මෙම ලිපියේ දක්වා තිබෙනවා.  මුජිබර් රහුමාන් මන්ත‍්‍රිවරයා දක්ෂ කථිකයෙකු ලෙසත්, විවාදකරුවෙකු ලෙසත්, රජයට සහ පක්ෂයට ශක්තිවන්තයෙකු වී සිටීම ඒවායින් එක් හේතුවක්.

ඔහු ජාති හෝ ආගම් භේද නොමැතිව සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ පිළිගැනීමට ලක්ව සිටීමද හේතුවක් ලෙස දක්වා තිබෙනවා. මෙහි දක්වා ඇති තවත් හේතුවක් වන්නේ මුජිබර් රහුමාන් මන්ත‍්‍රිවරයාට ප‍්‍රධාන භාෂා තුනම චතුර ලෙස කතාකිරීමට හැකි වීමයි. 

පාර්ලිමේන්තුවේ නියෝ්ජ්‍ය කතානායකවරයා ලෙස තිලංග සුමතිපාල මීට පෙර කටයුතු කළා.