Thursday, April 25, 2024

General line - 0115112241

හමුදාවෙන් හිමිකරුවන්ට නිදහස් කළ ඉඩමක අවි තොගයක් (PHOTOS)

මාධව කුලසූරිය - වව්නියාව




යාපනය මයිලිටි ප‍්‍රදේශයේ නිදහස් කළ ඉඩමක තිබී මෝටාර් උණ්ඩ තොගයක් ඇතුළු පුුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. යාපනය ආරක්ෂක අංශ පැවසුවේ ඉඩම් සුද්ද කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බවයි.

එහි තිබී මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ 07ක් සහ කාලතුවක්කු උණ්ඩ 03ක් සොයා ගෙන තිබෙනවා. සොයා ගත් බෝම්බ යුද හමුදා බෝම්බ නිශ්කී‍්‍රය අංශය විසින් නිශ්කී‍්‍රය කිරීමට නියමිතයි.

මෙම ඉඩම් යාපනය අධි ආරක්ෂක කලාපය තුළ පැවති ඉඩම්. ඒවා ඉකුත් 13වනදා මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කෙරුණා.