Tuesday, April 23, 2024

General line - 0115112241

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පරිගණක පද්ධතියට සයිබර් ප‍්‍රහාරයක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පරිගණක පද්ධතිය ඉලක්ක කර සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එරට මාධ්‍ය පැවසුවේ ඉන්දීය ඉලොක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අදාළ සයිබර් ප‍්‍රහාරය පිළිබඳව තහවුරු කර ඇති බවයි. ඉන්දීය ජාතික තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පරිගණක පද්ධතිය පාලනය නොකරන බවද එම ඉන්දීය වාර්තාවන්හි සඳහන් වනවා.

කෙසේ වෙතත් අදාළ ප‍්‍රහාරයෙන් පසුව වහා කි‍්‍රයාත්මක වූ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය, ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණේ හැකි ඉක්මනින් සිය වෙබ් අඩවිය යළි සකි‍්‍රය කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එරට විනිසුරුවරයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් වන තීන්දුව ප‍්‍රකාශයට පත් කර සුළු මොහොතකින් අදාළ සයිබර් ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි.