Saturday, April 20, 2024

General line - 0115112241

පොදුරද මඬුළු නායක සමුළුවට ජනපති එක්වෙයි (PHOTOS)




පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුථවේ සමාරම්භක අවස්ථාව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුථවට සමගාමීව අද (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගීවීම සදහා පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පිළිගත්තේ බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ විසිනි.

ලොව රටවල් රැසක ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරනු ලබනවා.

එහිදී රාජ්‍ය නායකයින් බ්‍රිතාන්‍ය රැජිණ සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු