Friday, March 29, 2024

General line - 0115112241

මුහුණට මුහුණ ගැටී සැරයන්වරු දෙදෙනෙක් මරුට

ජූඩ් සමන්ත - පුත්තලම




යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යුද හමුදා සැරයන්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා. ඊ‍යේ (19) සවස කොස්වත්ත පොලිස් වසමේ බෝතලේගම - මීගහවෙල මංසන්ධියේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ මීගහකිවුල පන්සල අසල පදිංචිකරුවෙකු වන පොලිස් සැරයන් ජේ.ඒ.සෝමරත්න සහ කොස්වත්ත - යක්දෙස්සාව පදිංචි යුධ හමුදා සැරයන්වරයෙකු වන ප්‍රදීප් අරුණ ශාන්ත නම් දෙදෙනෙකි. අනතුරින් තුවාල ලබා සිටි දෙදෙනාව එම අවස්ථාවේදීම මාරවිල දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔවුන් ඒ වන විටත් මිය ගොස් සිට ඇත.

කොස්වත්ත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයිග