Thursday, March 28, 2024

General line - 0115112241

තිලංග සුමතිපාල ක්‍රිකට් නිළවරණයට (UPDATE)

හේමන්ත කහවලගේ / කසුන් කැලුම්




කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පවත්වන බව  ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද තහවුරු කළා. කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තමන් තරග කරන බව වත්මන් සභාපති තිලංග සුමතිපාල කියා සිටිනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගතවූ කාල සීමාවේදී තමන් ඇතුළු කණ්ඩායමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සැලකිය යුතු දෙයක් කිරීමට හැකි වූ බවත් ඉදිරියේදීත් එලෙස කටයුතු කිරීමට සුදානමින් සිටින බවයි.

මේ අතර ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග හා දඟ පන්දු යවන්නන් සඳහා වන පුහුණුකරුවන් පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා.
 

නාම යෝජනා භාර ගැනීම අවසන් වන්නේ ලබන 27වනදායි. 

------------------------------

කි‍්‍රකට් නිලවරණය මැයි 19 - අර්ජුනත් සටනට

20-04-2018 07:02

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පැවැත්වීමට නියමිතයි. මේවනවිටත් එහි නාම යෝජනා භාර ගැනීම ආරම්භ වී තිබෙනවා. එය අවසන් වන්නේ ලබන 27වනදායි.

මෙවර සභාපතිධූරය සඳහා 05 දෙනෙකු තරගවදිනු ඇති බවටයි වාර්තා පළ වී ඇත්තේ. ඒ අතරට හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු, හිටපු උප සභාපතිවරුන් තිදෙනෙකු හා හිටපු ලේකම්වරයෙකුද අයත්.

අමාත්‍ය අර්ජුණ රණතුංග ප‍්‍රමුඛ කණ්ඩායමද පුළුල් සන්ධානයක් ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වනු ඇති බවටද වාර්තා පළ වී තිබෙනවා.