Friday, April 26, 2024

General line - 0115112241

රැජිණ මීළඟ නායකයා ගැන ඉඟි පලකරයි




පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ඉඟි පළ කර තිබෙනවා. ඒ ඊයේ ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුලූවේදීයි. බකින්හැම් මාලිගයේ පැවැති එහි ආරම්භ දිනයේදී දෙවන එලිසබෙත් රැජිණ සාමාජික රටවල නායකයන් අමතා තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ තමාගෙන් පසුව සිය පියා මෙන් තම පුත‍්‍රයා වන චාල්ස් කුමරුද ඉදිරියේදී භාරදූර වගකීම් භාර ගනු ඇති බවයි. එසේම එලිසබෙත් රැජිණගේ මෙම ප‍්‍රකාශයට පෙර චාල්ස් කුමරුන්ද රැස්ව සිටි පිරිස අමතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට 91 වන වියේ පසුවන එලිසබෙත් රැජිණ හෙට සිය 92වන උපන් දිනය සමරනවා.