Saturday, April 20, 2024

General line - 0115112241

තිසරත් ඇතුලත් වන ICC ලෝක කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න

දිනුක් හේවාවිතාරණ




අයිසිසි ලෝක කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම අතර ලබන මැයි මස 31 වෙනිදා විස්සයි 20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙන බව වාර්තා වනවා.

අයිසිසි ලෝක කණ්ඩායම සඳහා මේ වන විට ක්‍රීඩකයින් නම් කරමින් තිබෙන අතර එහිදී පළමු කැදවීම ලැබූ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා පිලේ තිසර පෙරේරා ද සිටින බව වාර්තා වනවා. ලෝක කණ්ඩායමේ නායකත්වය එංගලන්ත පිලේ ඊයින් මෝර්ගන් පත්කර තිබෙනවා. මේ අතර පාකිස්ථානයේ සුපිරි ක්‍රීඩකයින් වන ෂහීඩ් අෆ්රිඩි සහ ෂොයිබ් මලික්ද ඇතුලත්. ඉදිරි දිනවල සෙසු ක්‍රීඩකයින් නම් කිරීමට අයිසිසිය ඉදිරියේදී කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වයට කාලෝස් බ්‍රරත්වෙයිට් නම් කර තිබෙන අතර ක්‍රිස් ගේල්, මාලන් සැමුවෙල්, සැමුවෙල් බද්ද්‍රි ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි.

මෙම තරගයෙන් ලැබෙන මුදල් වලින් පසුගියදා බටහිර ඉන්දීය කොදෙවු දුපත් වලට බලපෑ ඉර්මා සහ මාරියා නමැති සුළි කුණාටු වලින් හානියට පත්වූ ක්‍රිකටි ක්‍රීඩාංගන 05 ක් යලි පිළිසකර කිරීමට යොදවන බව අයිසිසි ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.