Friday, March 29, 2024

General line - 0115112241

කෝටි දෙකකට වැඩි මුදලක් වංචා කල බැංකු ගණකාධිකාරීවරිය අත්අඩංගුවට

ඩිල්ෂාන් මඩවල




ගම්පහ ප‍්‍රදේශයේ බැංකුවක ගණකාධිකාරි ලෙස සේවය කරමින් සිට රුපියල් කෝටි දෙකකට වැඩි මුදල් වංචාවක් කළේ යැයි සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 36 වන වියේ පසුවන ඇය ගම්පහ ප‍්‍රදේශයේම පදිංචිකාරිණියක්. 

මෙම කාන්තාව විදෙස්ගතව සිට ඇති අතර ඉකුත් 18 වනදා ඩුබායි සිට ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොලේදි ඇය අත්අඩංගුවට ගත්තා. කෙසේවෙතත් පසුව මෙම කාන්තාව අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබෙනවා. 

දුරකතන කුළුණු වාර්තා ඔස්සේ විමර්ශන සිදුකර කෑගල්ල ප‍්‍රදේශයේදි ඇය යළිත් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. ආගමන විගමන නිලධාරින්ගේ අත්අඩංගුවේ සිටියදි ඇය පලායාම සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.