Saturday, April 20, 2024

General line - 0115112241

ආණ්ඩුව ගැන කියන්න මදර් බෝඞ් උපහැරණයක්

කසුන් කැලුම්




කැබිනට් සංශෝධන වැනි සරල වෙනස්කම් මගින් රට නිවැරදි මගට ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන පවසනවා. 
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ යළි පනදිය නොහැකි පරිදි වත්මන් ආණ්ඩුව අකර්මන්‍ය වී ඇති බවයි. 

ආණ්ඩුව දැන් කළයුත්තේ විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු කණ්ඩායමද එළිපිටම ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු ලෙස එක්කර ගැනීම බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ආර් සම්බන්ධන් විපක්ෂනායකවරයා හට එම ධුරය ලබා දී ඇත්තේ 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට කල උපකාරයට තෑග්ගක් වශයෙන් බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංගද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ඔහු පැවසුවේ වත්මන් ආණ්ඩුව තවදුරටත් ජාතික ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි දැයි කතානායකවරයා වහාම තීන්දුවක් ගතයුතු බවයි.

වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය කෙසේ හෝ රැක ගනිමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. එමගින් රටට සිදුවිය හැකි හානිය ඉතා බරපතල බවයි ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ.