Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියාවේදි සමූහ දුෂණයට ලක් වූ අශීෆා දැරිය වෙනුවෙන් කොළඹදීත් උද්ඝෝෂණයක්

ඩිල්ෂාන් මඩවල




ඉන්දියාවේදී සමූහ දුෂනයකට ලක් වූ අශීෆා දැරිය වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලමින් කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී අද (20) උද්ඝෝෂණයක් පැවැත්වුණා. බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර අර්ශාඞ් නිශාම්ඞීන්ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

අශීෆා දැරිය ඉකුත් ජනවාරි මාසයේදී සමූහ දුෂනයට ලක් වුණා. පුද්ගලයින් අට දෙනෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ. සියළු වරදකරුවන් එල්ලා මරා දැමිය යුතු බව කොළඹ අද කෙරුණු උද්ඝෝෂණයේදී ප‍්‍රකාශ කෙරුණා.