Thursday, April 25, 2024

General line - 0115112241

සියලුම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් අත්හිටුවූ බව උතුරු කොරියානු නායකයා පවසයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්





තවදුරටත් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් හෝ අන්තර් බැලිස්ටික් මිසයිල් පරීක්ෂණ අවශ්‍ය නොවන බවට උතුරු කොරියානු නායකයා පැවසූ බව එරට රාජ්‍ය මාධ්‍ය ආයතනය වන KCNA නිවේදනය කරනවා.

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් වන සම්පුර්ණ කිරීමට තිබෙන නව කොන්දේසි යටතේ න්‍යෂ්ටික අත්හදා බැලීම්, දිගුදුර හා කෙටි දුර බැලැස්ටික් මිසයිල පරික්ෂණයන් අවශ්‍ය නොවන බවත් ඊට අමතරව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරනු ලබන ස්ථානයක් සම්පුර්ණයෙන් වසා දැමීමටද උතුරු කොරියානු නායකයා පියවර ගෙන් ඇති බවට එරට මාධ්‍ය සඳහන් කරනවා.

 "න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් අත්හිටුවීමට හා ප්‍රධාන පරීක්ෂන ස්ථානයක් වසා දැමීමට උතුරු කොරියාව එකඟ වී තිබේ. "උතුරු කොරියාවට හා ලෝකයට මෙය ඉතාමත් හොඳ ප්‍රවෘත්තියක් - විශාල ප්‍රගතියක්, අපගේ සමුලුව දෙස බලා සිටිනවා" යැයි මේ අතර ට්ව්ටර් පණිවිඩයක් තබමින් උතුරු කොරියානු නායකයාගේ මෙම පුවත පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබවාදීව පිළිඅරන් තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

උතුරු කොරියානු නායකයා අවසානයේදී අනෙක් රටවල් සමග සබඳතා ඇති කර ගැනීම් තම රටට අලුත් පරිච්ඡේදයක් විවර කර දීමට ඔහු කටයුතු කර තිබෙන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. 
 
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් උතුරු කොරියාව විසින්  න්‍යෂ්ටික අත්හදා බැලීම් 06 ක් සිදුකල අතර ඒ සමග අමෙරිකාව ඇතුළු ලෝක බලවතුන්ගෙන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කරන මෙන් දැඩි බලපෑම් එල්ල වුනා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අතර හමුව ලබන ජුනි මස පළමු සතිය තුල පැවැත් වීමට බොහෝ ඉඩකඩ පවතින අතර මෙම න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරීමට පියවර ගැනීම එයට මනා රුකුලක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.