Thursday, April 25, 2024

General line - 0115112241

මුරලිට දැන් මුල මතක නෑ

කසුන් කැලුම්




මුත්තයියා මුරලිදරන් ඉකුත්දා සිදු කළ ප්‍රකාශයක් පිළිබදව මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. මුරලිදරන් එහිදී කියා සිටියේ දේශපාලනඥයන්ගේ මැදිහත්වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව අර්බුධකාරී තත්වයකට පත්ව ඇති බවයි. මුරලිදරන්ගේ මෙම ප්‍රකාශය පිළිබදව අදහස් දක්වමින් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල කියා සිටියේ මුරලිදරන් සිදු කළ එම ප්‍රකාශය පිළිබදව තමන් කනගාටු වන බවයි.

මුරලිදරන්ගේ පන්දු යැවීම් ඉරියව් නීති විරෝධී බවට චෝදනා එල්ල වූ සමයේදී තමන් ඇතුළු පිරිසක් ඔහු ඉන් බේරා ගත් බවයි තිලංග සුමතිපාල කියා සිටියේ.

" කනගාටුදායකයි මුරලිවගේ කෙනෙක්ව පාලක මණ්ඩලයෙන් මෙච්චර මුදල් වියදම් කරලා බේරගෙන ඔහුව එම තත්වයෙන් බේරා ගත්තා අපි. මං තුන් වතාවක් බේර ගත්තා. හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්, හිටපු ක්‍රීඩා ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු , හිටපු ක්‍රීඩා ඇමැති එස් බී දිසානායක ද මුරලිදරන්ව එම චෝදනාවෙන් බේරා ගැනීමට විශාල කාර්යයක් ඉටු කළා. මුරලිදරන්ට ලෝක පූජිත ක්‍රීඩකයෙකුවීමට හැකියාව ලැබුණේ මම සහ මෙම පිරිස නිසා. ඔහුට මුල අමතක වීම ගැන හරිම කණගාටුයි. ඔහුට ක්‍රිකට් දිවිය සාර්ථක කර ගැනීමට අත දුන් අය අමතක කරනවා නම්, මුරලිදරන්ට වර්තමානයේ තම පාසල අම්මා තාත්තා ගැනත් මතකයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා." යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.