Thursday, March 28, 2024

General line - 0115112241

අක්කර 90000ක් පාළු වෙද්දී අපතේ යන ජලයෙන් කුඹුරු අක්කර 300ක් අස්වද්දන්න හදන ගොවියෝ (PHOTOS)

චම්ලි ඒකනායක/ වසන්ත චන්ද්‍රපාල




නියං තත්වයට අභියෝග කරමින් අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුමාරිගම ගම්මානයේ UB 12 ගොවි සංවිධානය මැදිහත්ව ආඳල් ඔය හරස් කර කුඹුරු අක්කර 300 ක් වගා කිරීමේ උත්සහයක යෙදි සිටිනවා. ඉගිණියාගල සේනානායක සමුද්‍රය යටතේ වගා කරන කුඹුරු වලින් පිටවෙන ජලය ආඳල් ඔයට වැටී එය මන්ඩුර් ප්‍රදේශයෙන් කළපුවට එක්වනවා.

මෙම අපතේ යන ජලය ආඳල් ඔය හරස්කර අමුණක් බැඳ කුඹුරු අක්කර 300 අස්වැද්දීම ගොවියන් ගේ අරමුණයි. මේ සඳහා වාරිමාර්ග දෙපාර්මේන්තුවේද සහය ලබාදෙන බව UB 12 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති සි.එච්.කුමාර පවසනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වලට වැසි ලැබුනත් අම්පාර දිස්ත්‍රික්කයට නියමිත අයුරින් වැසි නොලැබිම නිසා ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි140000 දක්වා පහළ ගොස් තිබෙනවා. මෙම ජලාශයේ මුලු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 777000 කි. දැනට ඉතිරිව ඇත්තේ ජලාශයේ ධාරිතාවයෙන් 1/5කටත් වඩා අඩු ප්‍රමාණයකි.

මේ හේතුව නිසා මෙවර යල් කන්නයේ ඉගිණියාගල සේනානායක සමුද්‍රය යටතේ අක්කර 30000 පමණක් වගා කිරීමට පියවර ගෙන තිබෙවා.. ඒ සඳහා දැනට අක්කර 26000 කට මුල් දියවර නිකුත් කර ඇත. වෙනත් කන්න වලදී ඉගිණියාගල ව්‍යාපාරය යටතේ අක්කර 120000 වගා කරන බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන පැවසුවා. ඒ අනුව මෙම කන්නයේ වගා කිරීමට නොහැකි වන බිම් ප්‍රමාණය අක්කර 90000කි.