Friday, April 26, 2024

General line - 0115112241

මැයි 01දා නිවාඩුව අහෝසි කිරීමට විරෝධය - ජනපතිට අගමැතිට ලියයි

ඩිල්ෂාන් තුෂාර




මැයි මස පළමු වනදාට යෙදෙන ලෝක කම්කරු දින නිවාඩුව මෙවර අහෝසි කිරීමට රජය ගත් තීරණයට නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය විරෝධය පළ කරනවා. රජය ගත් මෙම තීරණය පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට අසාධාරණයක් සිදුවන බවයි එම සංගමය පවසන්නේ. මෙවර මැයි දින නිවාඩුව වෙනත් දිනකට යෙදීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය මෙතෙක් නිල ප‍්‍රකාශයක් සිදුකර නොමැති බවයි එම සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් නෙත් නිවුස් වෙත කියාසිිිටියේ.  

සිය සංගමය මේ පිළිබදව ලිඛිතව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත දැන්වූ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.