Friday, March 29, 2024

General line - 0115112241

අපේ සහාය ඒකාබද්ධ විපක්ෂයට! ආණ්ඩුවෙන් ගිය ශ්‍රීලනිප 16 කියයි

ඩිල්ෂාන් තුෂාර




ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ආසන ඉල්ලා කතානායකවරයා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 8 වනදා පාර්ලිමේන්තු සැසියේදී තමන් ඇතුළු එම මන්තී‍්‍රවරුන් පිරිස විපක්‍ෂයේ අසුන් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.

වෙනම කණ්ඩායමක් ලෙස තමන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරු 16 දෙනා විපක්‍ෂයේ අසුන් ගන්නා බවත් ඒකාබද්ධ විපක්‍ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.