Thursday, March 28, 2024

General line - 0115112241

ගුරුසිංහට තවත් ඉහළ තනතුරක්! ඔක්කොම තනතුරු 04යි

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ කි‍්‍රකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. මේ මස 15 වනදා සිට අසංක ගුරුසිංහ එම ධුරයේ කටයුතු කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

සයිමන් විල්ස් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්‍ෂතා කළමණාකරු තනතුර සඳහාද අසංක ගුරුසිංහ ඉකුත්දා පත් කෙරුණා. අසංක ගුරුසිංහ මේ වනවිට තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා.