Tuesday, April 23, 2024

General line - 0115112241

IPL කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ කින්ස්ලෙවන් පන්ජාබ් තරඟය අදයි

සමන්ත කුමාර




ඉන්දියන් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ කින්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර තරඟයක් අද (21) රාත‍්‍රියේ පැවැත්වෙනවා. 

ඒ කොල්කටාහීදි. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ මෙවර තරඟාවලියේ තරඟ 5කට සහභාගී වී තරඟ තුනක් ජයගත් අතර තරඟ දෙකකින් පරාජය වුණා. ඒ අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය කොල්කටා කණ්ඩායමට හිමිව තිබෙනවා. 

කින්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම තරඟ හතරකට සහභාගී වී  ඉන් තරඟ තුනක් ජයගෙන ඇති අතර එක් තරඟයකින් පරාජයට පත් වුණා. ප‍්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.