Tuesday, April 16, 2024

General line - 0115112241

අවුරුදු 12 ට අඩු ළමයින් දුෂණය කරන්නන්ට ඉන්දියානු රජය මරණ දඩුවම පැනවීමට සුදානම්

සමන්ත කුමාර - විදෙස් පුවත් ඇසුරෙන්




වයස අවුරුදු 12ට අඩු ළමයින් දුෂණය කිරීමේ වරදට වරදකරුවන් වන පුද්ගලයින්ට මරණ දඩුවම නියම කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඊට අදාළ අපරාධ නීතිය සංශෝධනය කිරීමටයි. 

ජම්මු කාෂ්මීර් හි කතුවා දිස්ත‍්‍රික්කයේ 8හැවිරිදි දැරියක් ඉකුත්දා සමූහ දුෂණයකට ලක්කර ඝාතණය කිරීමේ සිද්ධියත් සමඟ ඉන්දියාව පුරා උද්ඝෝෂණ මාලාවක් ක‍්‍රියාත්මක වුණා. ඒ ස්ත‍්‍රි දුෂකයන්ට එරෙහිව මරණ දඩුවම ක‍්‍රියාත්මක කරන ලෙස බලකරමින්. දිගින් දිගටම මතුව ආ මහජන විරෝධතා හමුවේ ඉන්දීය රජය මෙම තීරණයට එළඹ තිබෙනවා.