Friday, April 19, 2024

General line - 0115112241

"20න් ජනතාවට ඇති සෙතක් නෑ"

සමන්ත කුමාර




විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් ජනතාවට අත්වන සෙතක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක පවසනවා. 

එම යෝජනාව කිසියම් පිරිසකගේ දේශපාලන අරමුණක් වෙනුවෙන්  ගෙන එන යෝජනාවක් බවටයි මන්තී‍්‍රවරයා චෝදනා කළේ. නීති සංශෝධනය විය යුත්තේ රටේ ජනතාවගේ සෙත වෙනුවෙන් මිස යම් කිසි පක්ෂයක හෝ එහි සාමාජිකයන්ගේ වූවමනාවට නොවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය කාලසීමාව තුල පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනුණු නීතිරීති හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් ජනතාවට අත්වූ ප‍්‍රතිලාභයක් නොමැති බවද විදුර වික‍්‍රමනායක මන්තී‍්‍රවරයා මෙහිදී පෙන්වා දුන්නා.