Friday, April 19, 2024

General line - 0115112241

ඉරානය අමෙරිකාවට පරිස්සම් වෙන්න කියයි

පවිත්‍රා මදුහර්ෂණි - රොයිටර්ස් ඇසුරෙන්




ඉරානය මගින් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එමගින් ඉරානය පවසන්නේ දෙරට අතර එළඹි න්‍යෂ්ටික ගිවිසුම අවලංගු කිරීමට කි‍්‍රයාකරන්නේ නම් අපේක්ෂිත මෙන්ම අනපේක්ෂිත ප‍්‍රතිවිපාක රැසකට මුහුණ දීමට අමෙරිකාවට සිදු වනු ඇති බවයි. 

අදාළ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මීට පෙර ප‍්‍රකාශයන් සිදු කර තිබුණා. එම පූර්ව දැනුම් දීම් වලට අනුව අමෙරිකාව ලබන මාසයේදී අදාළ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට නියමිතයි. අදාළ ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපති හසන් රොහානි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 
අමෙරිකාව එවැනි කි‍්‍රයාවක් සිදු කරන්නේ නම් එවන් අවස්ථාවකදී ප‍්‍රතිචාර දැක්වීම සඳහා ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය සූදානම් කර ඇති බවද ඉරාන නායකයා තරයේ ප‍්‍රකාශ කළා. 

2015 වසරේදී එළඹි ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සඳහා ඉරානය සමග ලෝක බලවතුන් හය දෙනෙකු අත්සන් තබා තිබෙනවා. ඒ අතරට අමෙරිකාව, එක්සත් රාජධානිය, රුසියාව, ප‍්‍රංශය, චිනය සහ ජර්මනිය අයත්. ගිවිසුමට අනුව ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවා ඇති අතර, ලෝක බලවතුන් විසින් ඉරානයට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර සම්බාධක ලිහිල් කරනු ලැබුවා.