Saturday, April 20, 2024

General line - 0115112241

විනීත ත්‍රීරෝද රථ රියදුරන් බිහි කිරිමට අලුත් නීතියක්

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ රියදුරන් සඳහා නව නීතියක් පනවන්නට තීරණය කර තිබෙනවා. එම නීතියට අනුව ඉදිරියේ දී මගී ප්‍රවාහන කටයුතු සඳහා ත්‍රීරෝද රථ ධාවනය කරන රියදුරන්ගේ වයස් සීමාව අවුරුදු 35 ඉක්මවීම අනිවාර්ය කිරිමට නියමිතයි.

මෙම නීතිය උල්ලංඝනය කරන ත්‍රීරෝද රථ රියදුරන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ nethnews.lk වෙත කියා සිටියේ.

ත්‍රීරෝද රථ රියදුරන්ගේ වයස් සීමාව අවුරුදු 35 ඉක්මවීම අනිවාර්ය කිරිමට අදාළ කටයුතු මෙම වසර අවසාන වීමට පෙර ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ. අදාළ නීතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඊට අවශ්‍ය කටයුතු දැනටමත් සකසමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

විනීත ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් බිහි කිරිම මෙහි අරමුණයි.