Friday, March 29, 2024

General line - 0115112241

මත්තලට ඇවිත් ගිය ඇන්ටනෝව් 225 යානය ගැන පාකිස්ථානයට සැකයක්

වසන්ත පිවිතුරු




මත්තල ගුවන් තොටුපොල වෙත පසුගියදා පැමිණි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනෝව් 225 යානය ශ්‍රී ලංකාවේ සිට ආපසු පියාසර කරන අතරවාරයේ හදිසියේම පාකිස්ථානයේ කරාච්චි නුවර ගුවන් තොටුපොළට ගොඩ බස්සවා තිබෙනවා.

 

එම යානය ඉතාමත් රහසිගතව කරාච්චි ගුවන් තොටුපොලේ පසුගිය සිකුරාදා ගොඩබස්සවා ඇති බවයි පාකිස්ථාන පුවත්පත් වාර්තා පල කර තිබෙන්නේ. ඉන් විවිධ සැක පහල වන බවයි එම පුවත්පත සඳහන් කර ඇත්තේ.

 

කෙසේ වෙතත් පාකිස්ථාන ගුවන් තොටුපොල බලධාරින් පවසන්නේ අදාළ ඇන්ටනෝව් 225 යානය පෙර සැළස්මකට අනුව පාකිස්ථාන කරාච්චි ගුවන් තොටුපොලට ගොඩ බස්සවා ඇති අතර එහිදී යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැණුනු බවයි. එමෙන්ම මෙහිදී අදාළ යානයේ කාර්ය මණ්ඩලයට කෙටි විවේකයක් ද ලබාදී ඇති බවද සඳහන්.

 

ඉන්අනතුරුව යානය සවුදි අරාබියාවේ දමාම් නුවර බලා පියාසර කිරිමට නියමිත බවත් කෙසේ වෙතත් පාකිස්ථාන ගුවන් තොටුපොල බලධාරින් පවසා තිබෙනවා.

 

මේ අතර ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනෝව් 225 යානය පසුගිය 17 වනදා මත්තල ගුවන් තොටුපොලට ද හසිදියේම ගොඩබස්සනු ලැබුවේ යානයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අරමුණින්. නමුත් ශ්‍රී ලංකාවේ දින 3ක් ගොඩබස්සවා තිබු යානය 20 වන දින සිය ගමන් ආරම්භ කළ අතර එදිනම ඉන්ධන පිරවීම සඳහා පාකිස්ථානයේ කරාච්චි ගුවන් තොටුපොලට ගොඩබැස්සවීම සම්බන්ධයෙනුයි පාකිස්ථාන මාධ්‍ය සැක පල කර තිබෙන්නේ.

 

මෙම යානයේ ටොන් 640ක් බරැති භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි අතර එහි ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ කුමක්දැයි අනාවරණය නොකර ඇති බවද පාකිස්ථාන මාධ්‍ය පෙන්වා දෙනවා.

 

මලයාසියානු අගනුවර වන ක්වාලාලම්පූර්හි සිට පාකිස්ථානයේ කරාච්චි නුවර දක්වා භාණ්ඩ ප්‍රවාහනය සඳහා පියාසර කළ ඇන්ටනෝව් 225 යානය පසුගිය 17 වනදා මත්තල ගුවන් තොටුපොලට ළඟාවුණා.

 

එහිදී යානයේ කාර්ය මණ්ඩලයට විවේකයක් ලබාදී ඇති අතර යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ගමන් ආරම්භ කළ යානය රහසිගතව කරාච්චි ගුවන්තොටුපොලේ ගොඩබස්සවා ඇති බව සඳහන්.