Wednesday, April 17, 2024

General line - 0115112241

නව සම්පූර්ණ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ගැන ප්‍රකාශයක්




නව පූර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේදී දිව්රුම් දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. නව කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක හැදෑරීමක් යටතේ සකස් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසු ඒ පිළිබඳ සාකච්ඡා කර නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. ඔහු මෙම අදහස් පළ කළේ පානදුර ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින්.