Friday, March 29, 2024

General line - 0115112241

අතට සමුදී අලියට එක්වන ඇමති රාජිතට එජාපයේ ඉහළ පුටුවක්

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර




අමාත්‍ය රාජිත සේනාරත්න ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනු ඇති බවට වාර්තා පළ වනවා. ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ බේරුවල සංවිධායකවරයා ලෙස පත් කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. 

ඉදිරියේදී සිදු කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේදී අමාත්‍ය රාජිත සේනාරත්නට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීමට යෝජනා වී තිබෙනවා. එහෙත්, ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවීම හේතුවෙන් පක්ෂ ව්‍යවස්ථාව අනුව ගැටලූවක් පවතිනවා. 
එම ගැටලූව නිරාකරණය කිරිම සඳහා රාජිත සේනාරත්න අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පසුගියදා ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා අමාත්‍ය රාජිත් සේනාරත්න ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා. ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීමට යෝජනා වී ඇත්තේ එම සේවය සැලකිල්ලට ගෙනයි.