Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියාවට පන්නන්න හැදු රත්‍රං තොගයක් රේගු දැලේ

ටි.කේ.ජි. කපිල - කටුනායක / දිල්ෂාන් තුෂාර




රුපියල් ලක්ෂ 91ක් වටිනා රත්‍රං තොගයක් ඉන්දියාව බලා රැගෙන යාමට තැත් කළ යුවළක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචි යුවළක් බවයි. 

ඔවුන් සතුව රත්‍රං කිලෝ 2.35ක් තිබී ඇති අතර ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට සූදානම්ව තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා මේවන විට රේගු නිලධාරින් භාරයේ සිටින බව සඳහන්.