Saturday, April 20, 2024

General line - 0115112241

කාබුල් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 31දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බී බී සී ලෝක සේවය පැවසුවේ ඡන්ද හිමියන් ලියාපදිංචි කරන මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි. 

මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 50දෙනෙකුද තුවාල ලබා තිබෙනවා. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය විසින් භාරගෙන ඇති බවටද විදෙස් වාර්තාවල දැක්වෙනවා.