Friday, April 19, 2024

General line - 0115112241

ජාතික උද්‍යානවල සිටින අලිඇතුන්ට මුඛ සහ කුර රෝග වැලදීමේ අවදානමක් (PHOTOS)

ඩබ්ලිව් ඒ පියතිලක / ලහිරු කපුගේ




ජාතික උද්‍යාන තුළ සිටින අලි ඇතුන්ට මුඛ සහ කුර රෝගයක් වැලදීමේ අවධානමක් මතුව තිබෙනවා. එම රෝග වැලදුණු අලි පැටවෙකු කවුඩුල්ල ජාතික උද්‍යානයේදී වනජීවී නිළධාරීන් විසින් සොයා ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම අලිපැටවා ප‍්‍රතිකාර සදහා රැගෙන ගිය අතර උද්‍යානය තුළට ඇතුලූවන ගවයින්ගෙන් මෙම රෝග වැලදෙන්නට ඇති බවටයි සැකකෙරෙන්නේ. සොයාගැනුණු අලිපැටවාගේ මුඛයේ සහ පාදවල තුවාලද දක්නට ඇති බවද ත‍්‍රිකුණාමලය, පොළොන්නරුව වනජීවී කලාපය භාර නිළධාරී පශූ වෛද්‍ය කේ ඒ එස් එස් කලින්ගු ආරච්චි කියා සිටියා. 

ජාතික උද්‍යානවල ඇති තණකොළ ගවයින් කෑම හේතුවෙන් වනජීවී රක්ෂිතවල සිටින සතුන් රැසක් උග‍්‍ර ආහාර හිගයකටද මුහුණපා සිටිනවා. අලිඇතුන්ට අමතරව වෙනත් සතුන්ට මෙම මුඛ සහ කුර රෝගය වැලදී ඇද්ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පශූ වෛද්‍ය කේ ඒ එස් එස් කලින්ගු ආරච්චි කියාසිටියේ. වනෝද්‍යානවල සිටින සතුන් ආරක්ෂා කිරීමට එකම පිිළියම වනෝද්‍යාන තුළට ගවයින් ඇතුලූ කිරීමට අවසට ලබා නොදීම බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.