Friday, April 19, 2024

General line - 0115112241

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා වලට අපි කලබල නැහැ - හිටපු ජනපති

කසුන් කැලුම්




ව්‍යවස්ථා සංශෝධනයක් සමබන්ධයෙන් මන්ත‍්‍රිවරු පුද්ගලිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය කලබල නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දිවංගත හිටපු අමාත්‍ය රෙජී රණතුංගගේ ජන්මදින සැමරුම වෙනුවෙන් ගම්පහ උඩුගම්පල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවූ තම පියා කිසි කලක පක්ෂය දෙකඩ කිරීමට කටයුතු නොකළ බවත්,මහින්ද රාජපක්ෂ  හිටපු ජනාධිපතිවරයා අවසන් මොහොතේදී තම පියා ගැන කිසිම සොයා බැලීමක් නොකළ බව මෙම උත්සවයෙන් අනතුරුව අමාත්‍ය අර්ජුන රණතුංගද මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියා.

2004 වසරේ මැතිවරණයේදී සිය පියා පරාජයට පත්වීමට හේතුව බණ්ඩාරනායකවරුන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හැකි සැම අවස්තාවකදීම ඔහු ගැන සොයා බැලු බව අමාත්‍ය අර්ජුන රණතුංග ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග උත්සවයෙන් අනතුරුව කියා සිටියා.